5 හපනුන්ට අත්වැලක්.... ශිෂ්‍යත්ව විභාග සම්මන්ත්‍රණය.

අපි කවුරුත් දන්නවා පාසල් ජීවිතයේ දීඅපිට මුහුණ දෙන්න ලැබෙන පළමු කඩ ඉම තමයි 5 වසර ශිෂ්‍යත්ව විභාගය කියන්නේ. වර්තමානයේ මෙම විභාගයත් තවත් එක් තරගකාරී විභාගයක් බවට පත්වෙලා. අධ්‍යාපන දෙපාර්තමේන්තුව මෙම විභාගය පවත්වන්න මූලික හේතුව තමයි අඩු ආදායම් ලාභි සිසුන්ට ශිෂ්‍යත්ව ප්‍රදානය ඒ වගේම ප්‍රසිද්ධ පාසල් වලට ඇතුළත් වීමට සිසුන්ට අවස්ථාව ලබා දීම.






ඉතින් මේ විභාගය ඉතාමත් වැදගත් වෙන්නේ ගම්බද පාසල් වල සිටිනඅපේ ම පුංචි නංගීලා මල්ලිලාට. නාගරික පාසල් වලට ඇතුළත් වී සිටින නංගිලා මල්ලිලාට ඔවුන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක කර ගැනීමට සම්පත් හා විවිධ අවස්ථා නිරතුරුව ම ලැබෙනවා. නමුත් ගම්බද පාසල් වලට ඒ අවස්ථාව මග හැරී ඇති බව අපේ ලියෝ සහෝදරත්වයට දැන ගැනීමට ලැබුණ නිසා තමයි ශිෂ්‍යත්ව විභාග සම්මන්ත්‍රණ ව්‍යාපෘතියක් සංවිධානය කරන්නට මූලිකත්වය ගත්තේ. බණ්ඩාරවෙල අධ්‍යාපන කලාපයේ ඇල්ල අධ්‍යාපන කොට්ඨාශය කියන්නේ කුඩා ප්‍රාථමික පාසල් වලින් සමන්විත ප්‍රදේශයක්. මෙම කලාපයේ හල්පේ ජාතික පාසල සහ එහි පෝෂක පාසල් වල සිසු සිසුවියන්ට අත්වැලක් වන්නට තමයි 201 ජූලි මස 29 දින 5 හපනුන්නට අත්වැලක් ව්‍යාපෘතිය ක්‍රියාවට නැංවුණේ.

හල්පේ ජාතික පාසලේ විදුහල්පති තුමා නිශාන්ත බණ්ඩාර ගුරු පියාණන් ඒ වගේම ආචාර්ය මණ්ඩලයේ ගුරු මහත්ම මහත්මීන්ගේ මග පෙන්වීම් උපදෙස් සහ සහයෝගය මත සාර්ථක ව්‍යාපෘතියක් සංවිධානය කර ගැනීමට මොරටුව විශ්ව විද්‍යාලයීය ලියෝ සමාජයට හැකියාව ලැබුණා.

එදින මෙම මහගු කර්තව්‍යය සාර්ථක කර ගැනීමට සම්පත් දායකත්වය සැපයූ ඇල්ල අධ්‍යාපන කලාපයේ ගුරු උපදේශිකා R.M ඉන්ද්‍රාවතී මහත්මිය ගෞරවයෙන් සිහිපත් කළ යුතු වෙනවා.
5 වසර ශිෂ්‍යත්ව විභාගයට නොබෝ දිනකින් මුහුණ දීමට සිටි නංගිලා මල්ලිලා සියයකට අසන්න සංඛ්‍යාවක් ඔවුන් පෙර නො ලද අත්දැකීමක් නිසා ඉතා යුහුසුලුව. හා උද්‍යෝගයෙන් ලියෝ සහෝදරත්වය සමග අත්වැල් බැද ගත්තා.

මොරටුව විශ්ව විද්‍යාලයේ ලියෝ සමාජයේ මෙම මහඟු සමාජ සත්කාරය එදින සම්මන්ත්‍රණයට සහභාගී වූ විදුහල්පතිතුමන්ලා, ගුරු මහත්ම මහත්මීන්, දෙමව්පියන්ගෙන් පමණක් නොව සිසු සිසුවියන්ගේ ද ප්‍රසාදයට පාත්‍ර වූ අතර තව දුරටත් මෙවැනි සමාජ සත්කාරවල යෙදෙන්නට ලියෝ සහෝදරත්වයට ශුභාශිංසන ද පිරි නැමිනි.



No comments: