ශිල්පසර


උගතමනා ශිල්පයමයි මතු රැකෙනා...


පොත් මිටියත් සමඟ හීන පොදි බැඳ අනාගත මං පෙත් පාදගන්නට වෙර දරන, මෙවර සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දෙන දරුදැරියන් වෙනුවෙන්, මොරටුව විශ්ව විද්‍යාලයීය ලියෝ සමාජයේ සමාජික සමාජිකාවන් විසින් සංවිධානය කර, දියත් කරන ලද ගණිත සම්මන්ත්‍රණ මාලාව, ශිල්පසර පසුගිය දෙසැම්බර් මස 19 වන  දින උදෑසන 8.00 සිට මලිදුව ශාරිපුත්‍ර විද්‍යාලයේදී පැවැත්විණි.

 

ලියෝ සමාජික සමාජිකාවන්ගේ සම්පත් දායකත්වයෙන් ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කරමින්, අපැහැදිලි විෂය කරුණු සාකච්ඡා කරමින් සහ ශිෂ්‍ය ශිෂ්‍යාවන් වෙත පෞද්ගලිකව අවධානය යොමු කරමින් ඔවුන්ගේ ගණිතය විෂය සම්බන්ධ ගැටළු නිරාකරණය කරදීම එදින සිදුකෙරිණි. 

ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ මෙන්ම ගුරුවරුන් හා දෙමාපියන්ගේද දායකත්වය සහිතව ඉතාමත් සාර්ථක අයුරින් පැවැත්වුණු සම්මන්ත්‍රණය ඉදිරියට ද දැයේ අනාගත පරපුර වෙනුවෙන් ක්‍රියාත්මක වේ.


No comments:

Post a Comment