පුණ්‍ය වර්ෂා

ගමත්, පන්සලත්, වැවත්, දාගැබත් හා සබැඳි සිංහල සංස්කෘතියකට උරුමකම් කියන අපි, ඉතා ඈත අතීතයේ පටන්ම බෞද්ධ ආගමික විහාරස්ථාන සමග ඍජු සම්බන්ධතා 

පවත්වන්නන් වෙමු.අතීත සිංහලයාගේ සිට අද දක්වා ගත්කල, ඔවුන් හා ගමේ පන්සල අතර සබැඳියාව ඉතා ඉහළය. බෞද්ධ වෙහෙර විහාර නමස්කාරය මෙන්ම  වෙහෙර විහාර ඉදි කිරීම හා පිලිසකර කිරීම ද සිංහල බෞද්ධයන් මහා ඉහළින් සිදුකරන පුණ්‍ය කර්මයකි.





මොරටුව විශ්ව විද්‍යාලීය ලියෝ සමාජයේ අපද, ලියෝවරුන් ලෙස අපගේ යුතුකම් හා වගකීම් ඉටු කිරීමෙහිලා තවත් එක් සමාජ සත්කාරයක් ලෙස විහාරස්ථාන චෛත්‍ය ඉදිකිරීමේ වැඩසටහනක් පුණ්‍ය වර්ෂා නමින් දියත් කෙරුවෙමු. මෙම වැඩසටහන යටතේ අපි, අගෝස්තු මස 17 වන සෙනසුරාදා දින, කෑගල්ල හෙට්ටිමුල්ල ශ්‍රී ආනන්ද බෝධිරජාරාම විහාරයේදී , විහාරස්ථාන චෛත්‍ය ඉදිකිරීමේ පුණ්‍ය ක්‍රියාවට දායක වුණෙමු.





පින් කැමති ලියෝවරුන් රැසක් මේ සඳහා ශ්‍රම දායකත්වය සැපයූ අතර මෙම වැඩසටහන එදින දවස පුරා විහාර භූමියේ පැවැත්විණි. මොරටුව විශ්ව විද්‍යාලීය ලියෝ සමාජයේ තවත් එක් වටිනා මෙහෙවරක් ලෙස පුණ්‍ය වර්ෂා විහාරස්ථාන චෛත්‍ය ඉදිකිරීමේ වැඩසටහනක් මෙලෙස සාර්ථකව නිමාවිය.

No comments: