බුද්ධාභිවන්දනා


                      

ජීවිතයේ සෑම කර්තව්‍යයක්ම ආරම්භ කිරීමට ප්‍රථම බුද්ධ, ධම්ම, සංඝ ත්‍රිවිධරත්නයේ ආශිර්වාදය ලබා ගැනීම සිංහල බෞද්ධ අපි සැමගේ සිරිතකි. මෙම සිරිත අනුගමනය කරමින්,මොරටුව විශ්ව විද්‍යාලයීය ලියෝ සමාජයද නව වසරක වැඩ කටයුතුආරම්භ කිරීමට ප්‍රථම තුනුරුවනේ ආශිර්වාදය ලබා ගැනීමඋදෙසා බෝධි පූජා පිංකමක්
පවත්වන ලදි.

     2019/20 නව ලියෝ වසරට සෙත් ප්‍රාර්ථනා කිරීමේ අරමුණින්, 2019 ඇසළ මස 06 වන දින සවස් යාමයේ, මොරටුව ස්වර්ණ ශෛල බිම්බාරාම රජමහා විහාරයේදී මෙම පිංකම පැවැත්විණි. නව වසරේ නව බලාපොරොත්තු පෙරදැරි කරගත් ලියෝ වරුන් රැසක් මේ සඳහා සහභාගි වූ අතර, බෝධි පූජාව අවසානයේ සියලු දෙනා සදහම්
වැස්සේ නහවමින් පවත්වනු ලැබූ සදහම් දේශනාවෙන් පිංකම අවසන් විණි.
ආශිර්වාද බෝධි පූජා පිංකම අප ලියෝ සමාජයේ වාර්ෂිකව පවත්වන එක්ප්‍රධාන අංගයක් වන අතර, මෙවරද සියලු දෙනාගේ සහයෝගයෙන් එකවත්වා අවසන් කරන ලදී.

                     

                         

No comments: