අපි අකුරට මැලි නොවෙමු


අප ලත් දැනුමින් තවත් අයෙකුගේ දෑස් පෑදීම ඉමහත් පුණ්‍යකර්මයක් වන නිසාවෙන්ම, මොරටුව විශ්ව විද්‍යාලයීය ලියෝ සමාජය විසින් සිදු කරනු ලබන "අපි අකුරට මැලි නොවෙමු" ව්‍යාපෘති මාලාවේ දෙවන සහ තෙවන අදියර, පසුගිය මාර්තු මස ඉතා සාර්ථක අන්දමින් පැවැත්විණි. ඒ අනුව එහි දෙවන අදියර, මාර්තු මස 9 සහ 10 දෙදින පුරා පුත්තලම වනාතවිල්ලුව බණ්ඩාරනායකපුර මහා විද්‍යාලයේ දී සාර්ථකව සිදු කල අතර, එහිදී මුල් දින ගණිතය විෂයය සඳහාද දෙවන දින විද්‍යාව විෂයය සඳහාද වන අයුරින් සම්මන්ත්‍රණ මාලාව සැලසුම් කර තිබිණි.

එමෙන්ම එහි තෙවන අදියර පුත්තලම බණ්ඩාරනායකපුර ජාතික පාසලේදී, මාර්තු මස 23 සහ 24 දෙදින සාර්ථකව පැවැත්විණි. එහිදී, පුරා දින දෙකෙහිම ගණිතය විෂය සඳහා සම්මන්ත්‍රණය සිදු කරන ලදී. වැඩසටහන් අවසානයේ දී සිසුන්ගෙන් ලැබුණු ප්‍රතිචාර ඉතා ඉහළ විය. තවත් එවැනි සම්මන්ත්‍රණ පවත්වන මෙන් ඉල්ලීම් ද ඒ අතර දක්නට ලැබුණි.

මෙම අදියර දෙක පුරාවටම සිසුන්ගේ සහභාගිත්වය ඉහල මට්ටමක පැවැතිය අතර, එය අපව තව තවත් උනන්දු කරවූ සාධකයක්ද විය. විෂයය දැනුම දුර්වල සිසුන්ගේ ප්‍රථිපල ඉහල නැංවීමේ අරමුණින් සිදු කරන මෙම සම්මන්ත්‍රණ මාලාව, අඩු පහසුකම් සහිත දරුවන් ඇති පාසල් ඉලක්ක කර ගනිමින් මොරටුව විශ්ව විද්‍යාලයීය ලියෝ වරුන් සංවිධානය කල තවත් එක් ප්‍රජා සත්කාරයක් ලෙස ලියෝ මතක පොතට එක් විය.

No comments: