සද්ධර්ම වර්ෂා

සිංහල බෞද්ධයා  ඕනෑම කටයුත්තක සුභ ඵල නෙලා ගනු පිණිස, බුදු දම් සඟ පිහිට ලබා ගැනීමේ අදිටනින්, ආශිර්වාද පූජා පැවැත්වීම ගෞතම බුදු සමයේ සිට පැවැත එන්නකි. අනන්ත අප‍්‍රමාණ වූ දුක් කම්කටොළුවලින්  පිරි ලෝ ජනයාගේ, සිත් සතන් නිවා සනසවාලන්නට, බුදු දහම එකම පිහිට බවට පත් කර ගත හැකි බව බෞද්ධයන් වශයෙන් අප දන්නා සත්‍යයකි. බුදු දහම පිරිහී යමින් පැවතිය ද එය අප සතු එකම පිහිටයි.
 මොරටුව විශ්ව විද්‍යාලයීය ලියෝ සමාජය ද එම සත්‍ය වටහා ගනිමින්, 2018/19 නව ලියෝ වසරට ආශිර්වාද පතන්නට, 2018 ඇසළ මස 30 වන දින සවස් යාමයේ විශ්ව විද්‍යාලයීය බුදු මැදුර ඉදිරිපිට දී සද්ධර්ම වර්ෂාවක් මේ ගිනි ගත් පොලෝ තලයට හෙලන ලදී.  එහිදී, සෙත් පිරිත් සජ්ඣායනය කරමින් ත‍්‍රිවිධ රත්නයේ පිහිට ලැබීමට ද අප ලියෝවරුන්ට අවස්ථාව හිමි විය.

 ඒ දම් දියෙන් තෙමෙන්නට අප විශ්ව විද්‍යාලයීය ලියෝ සමාජයේ සාමාජික සාමාජිකාවන් පමණක් නොව අපගේ සහෝදර ලියෝ සමාජයන්හි ලියෝවරුන් ද අප හා එක් විය.  අප ලියෝ සමාජය මගින් වාර්ෂිකව පවත්වන ආශිර්වාද බෝධි පූජාව සාර්ථක ලෙස මෙවරද මේ අයුරින් පවත්වන ලදී. 

No comments: