කුසේ ගින්දර



සෞඛ්‍ය සම්පන්න යහපත් දිවියක් ගත කිරීම සෑම සියළු දෙනාගේම බලාපොරොත්තුවකි. නමුත් ආර්ථිකමය අපහසුතා හේතුවෙන් වීදිය නිවහන කරගත් අසරණ මව්පිය දූ දරු පිරිසක් අප වෙසෙන සමාජයේ දැකගත හැකිය. තම තමන්ගේ ඉලක්ක ඔස්සේ වෙහෙසකර ගමනක් ගෙවාගෙන ඉදිරියට ඇදෙන සමාජයක, කුසගිනි නිවාගනු වස් සිඟමන් යදින ඔවුන් වෙනුවෙන් මොරටුව විශ්ව විද්‍යාලීය ලියෝ සමාජයේ අපි කුසේ ගින්දර ව්‍යාපෘතිය දියත් කළෙමු.



ගල්කිස්ස, දෙහිවල, මොරටුව සහ කොටුව ආශ්‍රීත ප්‍රදේශවල වීදි සරන අහිංසක ඔවුන් වෙනූවෙන් ආහාර සහ පානීය ජලය බෙදා දෙමින් ඔවුන්ගේ කුසගිනි නිවාලන්නට අප්‍රේල් මස 6 වැනි සිකුරාදා දිනය පුරා අපි වෙහෙසුනෙමු. දැඩි අව් රශ්මිය ලියෝ අපේ ගතට වෙහෙසක් ගෙන දුන්නද, වීදි සරන ඔවුන්ගේ මුවඟ සැරසුන සිනහව අප සිත් සුවපත් කරලන්නට සමත් විය.
 

No comments: