Davinci-සිතුවම් තරඟය



වදනින් තම සිතැඟි ලෝකයයට හඩගා කියන්නට වරම් නොලදත් පුංචි සිඟිත්තන්ට තම  සිතුවමින් ලෝකය අවදි කරන්නට අවකාශය සලසමින් මොරටුව විශ්වවිද්‍යාලීය ලියෝ සමාජය වන අපි, පිළියන්දල ලියෝ සමාජය, බද්දේගම ලියෝ සමාජය,මත්තේගොඩ ලියෝ සමාජය,පොල්ගස්ඕවීට ලියෝ සමාජය සමඟ එක්ව ඩාවින්සි සිතුවම් තරඟය රත්මලාන අන්ධ බිහිරි පාසලේදී පෙබරවාරි 14 වන දින  පස්වරු 4.00  සිට පැවැත්වීමු.

පුංචි සිඟිත්තන් ඉමහත් ප්‍රබෝධයෙන් සිතුවම් ඇදීමේ නිරත වෙද්දී ලියෝ සාමාජිකයන්ද පසෙකට වී නොඉද ඔවුන්ගේ වටපිටාව අලංකාර කිරීමට තමන්ට  හැකි අයුරින්
 දායකත්වයෙන් ලබා දුනි.
තමන්ට ලෝකයෙන් සිදුවූ අසධාරණය හමුවේ නොසැලී ලෝකය දිහා නවමු කෝණයකින් බලන්නට ලබා දෙමින් ඩාවින්සි සිතුවම් තරඟය නොමැකෙන මතක සටහන් රැසක් පුංචි හදවත් වල ඉතිරි කරමින්  නිම වූයේ තවත් ති සාර්ථක ව්‍යාපෘතියක් ලෙස ලියෝ දින පොතේ එදින සටහන් විය.




No comments: