ලියෝ පැදුර


මොරටුව විශ්වවිද්‍යාලය තාක්ෂණික  විශ්වවිද්‍යාලයක් ලෙසින් ලංකාවේ බොහොමයක් දැන සිටියත් තාක්ෂණික හැකියාවන්ට සිමා නොවූ කලා හැකියාවනුත් නොඅඩුව ඇති බවට පෙන්වා දීමට ලියෝ සමාජයේ අපි ලියෝ පැදුර සංවිධානය කළෙමු.

දුරුතු මහේ 28 වන ඉරු දින හයේ කනිසමට ලියෝ ලංකා සභාපති ලියෝ ලයන් ප්‍රමෝද් විමලතුංග , ලියෝ ලංකා ලේකම් ලියෝ ලයන් කේසරි සෙනෙවිරත්න ,ලියෝ 306 A2 දිස්ත්‍රික් සභාපති ලියෝ ලයන් කළිදු දිසානායක ඇතුළු  ලංකාවේ  නන් දෙසින් පැමිණි ලියෝවරුන් අභිමුව ලියෝ සමාජයේ අපගේ සහොදරයන්  කණ්ඩායමක් ගීත  ගයමින් දෙසවන් පිනවද්දී තවත් කණ්ඩායමක් නර්තනයන් නෙත් පිනවමින්ද අනෙක් කණ්ඩායම රංගනයෙන් සහය වෙමින් ලියෝ  පැදුර වර්ණවත් කලෝය.

මොරටුව ලියෝ සමාජයේ අපගේ  හැකියාවන් විදහා දැක්වීමට අනගි තෝතැන්නක් වු ලියෝ පැදුර නිමාව සනිටුහන් කළේ කාගෙ කාගේත් සිත් තුළ අමතක නොවන මතක සටහන්  රැසක් ඉතිරි කරමිනි.


No comments: