නිදහස් සිතිවිලි

අද ලංකාව ස්වාධීන රටක්.   ස්වාධීන බව රැකගන්න උරදුන් පිරිස ගෙනගිය සටන් බොහොමයක්....දේශය වෙනුන්වෙන් දිවි පරදුවට තැබූවන් දහස් ගණනක් .... වීරයන් ඒ සටන් ස්මරණය කෙරෙන ඔවුනට  ආචාර   උපහාර  පිදෙන 68වන නිදහස් දින සැමරුම පසුගිය පෙබරවාරි සිව්වැනි දාට යෙදී තිබුණා.
කටුබැද්ද බෝධිරාජ විද්‍යාලයේ ඒ වෙනුවන් ධර්මදේශනාවක් පෙබරවාරි 9 වෙනිදා මොරටුව විශ්වවිද්‍යාලය ලියෝ සමාජය සූදානම් කළා. පුංචි නංගිලා මල්ලිලා ධර්මදේශනයට වෙනදාට වඩා ඇල්මෙන් සවන් දුන්නේ එදා ධර්මදේශනාව ජාතික වීරයන්,ජාතියේ අයිතිය දිනා ගන්න කල අරගල ගැන සඳහන් වුණු නිසයි. ඒ පුංචි සිත්වල දේශාභිමානය ගොඩනගන්න අපිටත් සහය වෙන්න ලබුණු නිසා එය අපටත් සතුටක් වුනා. දේශය වෙනුවෙන් දිවි පිදූ ඔව්නට පිං අනුමෝදනාවෙන් ධර්මදේශනයේ වැඩ කටයුතු අවසාන වුනා.

 ඉතිහාසය අනාගතය තීරණය කරන බවඅසා තිබුනත් එහි සැබෑ අරුත වැටහුණේ මේ සත්කාරයෙන්...ලංකාවේ අභීත ඉතිහාසය පුංචි සිත් වල දේශමාමක අදහස් ඇති කරන්නටත් අනගතයේ රටට ලැදි පිරිසක් බිහිකරන්නටත් මූලික වේවි. වර්තමානයේ යොවුන් පිරිස ලෙස ඒ යුතුකම ඉටුකල අපි සතුටින් නික්ම ගියෙමු ....


 

No comments: