ගිලන් හදට තුරුණු සවිය

සතුටින් හිනවෙලා ඉන්න තරුණ ඔබ කවදාහරි හිතල තියෙනවද තමන්ට දැන් තියෙන ශක්තිය නැතිවෙලා තව කෙනෙක්ගෙ අත් වාරුවෙන් යන්න වෙන තවසක් එවි කියලා . නැහැතරුණ අපි කවුරුත් තමන්ගෙ ශක්තිය නොමැතිකම ගැනවත්  තව කෙනෙක්ගෙ උදව්වක් ගෙනවත් හිතන්නෙ නැහැ. වගේම එහෙම ශක්තියෙන්පිරිහී ගිය කෙනෙක් දෙස බලන තරුණ කෙනෙක් අද සමාජ ඉන්නෙත් ගොඩක් අඩුවෙන්. වගෙ තරුණ පරපුරක් බිහිවී යන කාලයකදි මොරටුව විශ්ව විද්යාලයේ ලියො සමාජයෙ සාමාජිකයන් තවත් ලියො සමාජ කීපයක් එක්ව තමන්ගෙ තරුණ සවියෙන් වික්ටොරියා වැඩිහිටි නිවාසේ විශේෂ අවශ්යතා ඇති ගිල පුද්ගලයන්ට, ගොඩාක් සතුටු හිතෙන මතකයන් ජිවිතයට එකත් කරගන්න පුලුවන් වුන දවසක් ලබා දුන්න….. දවස උදා උනේ නව වසරක් ගෙවිලා ගත වුනු දසවෙනි දවසේ…..


 මේ සත් ක්රියාව සඳහා කලුබෝවිල ලියො සමාජය, ගොඩිගමුව ලියො සමාජය සහ දෙහිවල උතුරු ලියො සමාජය එක් වුනා. තමන් සමාජයෙන් කොන් වෙලා කියලා හිත අස්සෙන් දුක් විදිනා පිරිසකට ලොව්කික සැප සම්පත් වලට වඩා වටින්නෙ තමන් කොන් වෙලා නැහැතමන්ව අගය කරන පිරිසක් ඉන්නවා ..තමන්ට අනුකම්පා නොකර ..තමන්ට ආදරය කරන පිරිසක් ඉන්නව කියලා දැනෙන්න දෙන එක….ඉතින් මේ තරුණ පිරිස එක්ව මෙම නිවාසය පිරිසිදු කරලා ඔවුන්ට අවශ් කරන බොහෝ දේ ලබා දුන්නා. ඊට වඩා වටිනා දෙය වුනේ ඔවුන් එක්ක ගත කල කාලය……



මොහොතකට ඔවුන්ගේ දුක් දොම්නස් අමතක කරලා දෙන්න ලියො සාමජිකයන්ට හැකි වුනා….

ඉතින් ඔබත් ඔබට අවට ඇති පරිසරය ගෙන මිනිසුන් ගැන හදවතින් බලන්න..අනිත් බොහෝ  මිනිසුන් ඔබ වගේ නොවන බවත්  ඔබගෙ උදව් ඕන වන පිරිසක් සිටින බවත්  තේරුන් ගතහොත් ඔබට තරුණ ජවයෙන් උපරිම පල නෙලගන්නට හැකිවේවි… 

No comments: