Save it before you need it…

ලෝක ජල දිනය නිමිති කරගෙන මොරටුව විශ්ව විද්‍යාලයීය ලියෝ සමාජය විසින් සංවිධානය කල ව්‍යාපෘතිය තමයි "  Save it before you need it.. ".මෙම ව්‍යාපෘතිය සංවිධානය කිරිමේදී කටුවාවල ලියෝ සමාජයේ සහයෝගිත්වයත් අපට හිමි වුනා.




එහිදි අපේ මුලිකම අවදානය යොමු උනේ මහමග ගමන් ගන්නා ජනතාව දෑනුවත් කිරීමයි.මේ සදහා අපි ජාතික ජලසම්පාදන හා ජලාප්‍රවාහන මංඩලයේ සහයෝගිත්වයෙන් ලැබුනු දින කැලැන්ඩර පිලියන්දල ප්‍රදේශයේ මහ මග ගමන් ගත් සාමාන්‍ය ජනතාව අතරේ බෙදාදුන්නා.ඊට අමතරව තවත් අත් පත්‍රිකා රාශියක් අප විසින් ජනතාව අතරේ බෙදා දෙනු ලැබුවා.ඒ සෑම අත්පත්‍රිකවකින්ම අප බලාපොරොත්තු වුනේ ජල නාස්තිය අවම කිරීමට ජනතාව නැඹුරු කිරීමයි.




තවත් වසර ගනණාවකින් ඇතිවේ යැයි කියන ලෝක ජල අර්බුදයට විසඳුම් සෙවිම අප සෙවීම දැන් දැන්ම ආරම්භ කල යුතුයි.ඒ නිසාවෙන් අපි මෙම ව්‍යාපෘතිය සිදු කිරිමට තීරණය කරා. කවදත් මෙවැනි ක්‍රියාවන් හිදී පෙරමුණ ගන්නා මොරටුව විශ්ව විද්‍යාලයීය ලියෝ සමාජයට බොහෝ දෙනෙකුගේ ප්‍රශංසාව හිමි උනා.
අපි බලපොරොත්තු වු ආකාරයටම අනාගතයේ ඇතිවේ යැයි කියන මෙම ලෝක ජල අර්බුදයට එරෙහිව අප මේ දැනුවත් කල ජනතාව සුලු පියවරක් හෝ තබන්නේ නම් අපේ සතුට එයයි.




No comments: