මහේෂ් අබේවික්‍රම අනුස්මරණ අන්තර් පාඨශාලීය සිංහල විවාද තරඟාවලිය

මොරටුව විශ්වවිද්‍යාලයීය ලියෝ සමාජය විසින් 2012/13 ලියෝ වර්ෂයේදි හඳුන්වාදෙනු ලැබූ මහේෂ් අබේවික්‍රම අනුස්මරණ අන්තර් පාඨශාලීය සිංහල විවාද තරඟාවලියේ තෙවන අදියර මෙවරත් අති සාර්ථක අයුරින් පැවත්විනි.


 පිට පිටම දෙවතාවක් ලියෝ දිස්ත්‍රික් සමුළුවේදි හොඳම අධ්‍යාපන  ව්‍යාපෘතිය ලෙසත් 2013/14 ලියෝ වර්ෂය සඳහා ලියෝ සමාජ අතුරින් සමස්ථ ලංකා හොඳම අධ්‍යාපන ව්‍යාපෘතිය ලෙසත් සම්මාන දිනූ ව්‍යාපෘතිය මෙවර පවැත්වුනේ පාසැල් 16ක් සහභාගීත්වයෙන්.

සමාරම්භක උත්සවයේ ප්‍රධාන අරාධිත අමුත්තිය ලෙස ලියෝ දිස්ත්‍රික් සභාපතිනි ලියෝ චන්දිමා විතානගේ සහභාගි වූ අතර ත්‍යාග ප්‍රධානෝත්සවය සඳහා ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ සභාපති ආචාර්ය ප්‍රතිභා මහානාමහේවා මැතිතුමන් සහභාගී වුනා.



විවාද තරඟාවලිය අතරතුර ලියෝ බහු මණ්ඩල සභාපති අන්ජු පණ්ඩිතරත්න ද තරඟ නැරඹීමට එක්වුනා. වට ගණනාවකින් සමන්විතව පැවති තරඟාවලියේ තියුනු තරඟයකින් පසු කොළඹ ඩී. එස්. සේනානායක විද්‍යාලය පරාජය කරමින් ජය හිමි කරගත්තේ කොළඹ නාලන්දා විද්‍යාලයීය විවාද කණ්ඩායමයි.

පියවරෙන් පියවර ඉදිරියට යන මහේශ් අබේවික්‍රම අනුස්මරණ අන්තර් පාඨශාලීය සිංහල විවාද තරඟාවලියේ තෙවන අදියර ඒ අයුරින් නිමාව දුටුවේ වඩාත් සාර්ථක සිව්වන අදියරක් ලබන වසරේදීත් ඔබ වෙත ගෙන ඒමේ අපේක්ෂා පෙරදැරිවයි.




No comments: