Earth Hour 2015...

මොහොතක් පාසා දැවෙන මිහිකත බිඳකට හෝ සනහාලනු වස් මොරටුව විශ්වවිද්‍යාලීය ලියෝ සමාජයේ සහෝදර කැළ 2015 මාර්තු 28 වන දින සවස් යාමයේ විශ්වවිද්‍යාල භූමියට එක්වුයේ ලොව නන් දෙස සමරන “මිහිකත හෝරාව - 2015” සැමරීම සඳහා ය. 




මෙවර ජගත් තේමාව වූ ‘දේශගුණික විපර්යාස අවම කරමු’ යන්න මුලික කොටගෙන විශ්වවිද්‍යාලයීය පාලනාධිකාරියේ සහයෝගයද ඇතිව විශ්වවිද්‍යාල පරිශ්‍රයේ දැල්වෙන අනවශ්‍ය විදුලි පහන් සියල්ල රාත්‍රී 8.30 සිට 9.30 දක්වා නිවා දමා මිහිමවගේ ජීවය මඳකින් හෝ වැඩි කිරීමට කටයුතු කළහ.



 ඉන්පසු බොල්ගොඩ වැව් ඉස්මත්තට රැස් වූ අප දසත අඳුරේ ගිලීම වැලැක්වීමට අවට ඉටිපන්දම් එළියෙන් ආලෝකමත් කර “මිහිකත හෝරාව” සැමරීමේ ආරම්භය සහ ඉතිහාසය, දේශගුණික විපර්යාස ඇතිවීමට බලපාන හේතු සහ ඒවා අවම කිරීමට තරුණ ප්‍රජාව ලෙස අපට කල හැකි කාර්යභාරය ගැන සාකච්ඡා කළහ. එහිදී අප එකිනෙකාගේ වැදගත් අදහස් හා දැනුම මැනවින් බෙදාගත් අතර ඉන්පසු අප සොයුරු සොයුරියන් කිහිපදෙනෙක්ම ගීත කිහිපයක්ද ගායනා කරමින් එම මොහොත තවත් ආදරණීය කිරීමටද අමතක නොකළහ.



 එවැනි අවස්ථාවක එවන් ස්ථානයක එවැනි ව්‍යාපෘතියකට සහභාගී වීම තම ජිවිතයේ පළමු අත්දැකීමද වූ බව සොයුරු සොයුරියන් කිහිපදෙනෙක්ම අප සමඟ පැවසුහ. ලබන වසරේද මිහිකත හෝරාව තවත් ඵලදායී ලෙස සැමරීමේ අදහසින් අවසානයේ අප සියලුදෙනා විසිර ගියේ අපට ජීවය දෙන මිහිමව රැකගැනීම අප කාගේත් පරම යුතුකමක් බව සිත්හි රඳවාගෙනයි.



No comments: