Companerismo..

හෙට දවසේ අනාගතය බාරගන්න ඉන්න නංගිලාගේ මල්ලිලාගේ නායකත්ව කුසලතා සහ ධනාත්මක ආකල්ප වර්ධනය කරන අරමුණින් ලියෝ සමාජයේ අපි ආරම්භ කරපු ව්‍යාපෘතියක් තමයි “Companerismo” කියන්නේ.




මේ සඳහා අපි වඩාත් සුදුසුයි කියලා හඳුනාගත්ත පාසල කොළඹ 08,සී.ඩබ්.ඩබ්.කන්නන්ගර විද්‍යාලය.අද සමාජයේ තියන තරඟකාරී ස්වභාවය නිසා,පාසල් අවධියේ ඉඳලා නායකත්ව කුසලතා වර්ධනය කරගැනීමේ වටිනාකම ප්‍රායෝගික විදිහට එයාලට කියලා දෙන එක තමයි ලියෝ අපේ අරමුණ වුණේ.




                                                              
ඉතින්,අපි පෙබරවාරි මාසේ විසිඑක්වෙනිදා උදේ 9ට කන්නන්ගර විද්‍යාලයට ගියේ නංගිලා,මල්ලිලා වෙනුවෙන්ම සංවිධානය කරපු වැඩසටහන් ගොඩාක් අරගෙන.මුලින්ම,අනාගතයේ දවසක එයාලා නායකයන් විදිහට සමාජයට යන්න ඉන්නා පිරිසක් නිසා, නායකත්ව කුසලතා සහ ධනාත්මක ආකල්ප වර්ධනය ගැන දේශනයක් අපි එයාලට ලබාදුන්නා.


ඊට පස්සේ ආරම්භ වුණේ එකමුතුබව,කණ්ඩායමක් විදිහට වැඩ කරන ආකාරය  වගේ නායකත්ව කුසලතා වර්ධනය වෙන විදිහට අපි එයාලා වෙනුවෙන් නිර්මාණය කරලා තිබුණු තරඟ මාලාවයි.දවස අවසානයේදී කෙටි නාට්‍ය සහ ගීත ඉදිරිපත් කරපු එයාලාට ,ලියෝ සමාජය විදිහට අපි සහතිකපත්‍රත් ,තෑගිත් ලබාදීලා එයාලාගෙන් වෙන්වෙලා ආවා.


No comments: