සවියක් අවැසි කල.......

ගිලාන  උපස්ථානය කියන්නෙ බෙහෙවින් පින් වැඩෙන ක්‍රියාවක්.කවදත් සමාජයට යහපත් අලුත් දෙයක් කරන පිරිසක් විදියට අපි හිතුව මහරගම ජාතික පිලිකා රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන රෝගීන් වෙනුවෙන් දානයක් ලබාදෙන්න.ඉතින් රෝගින්ට දෙන්න සුදුසු ඖෂධීය ගුණයකින් යුතු දෙයක් නිසා අපි සූදානම් උනේ ඔවුන් සදහා ඖෂධීය කැඳ ලබාදෙන්න.



පෙබරවාරි මාසෙ 15 වෙනිදා උදේ පාන්දරම අපි ගියා පිලිකා රෝහලට.ඊට පස්සෙ රෝහල් කාර්ය මණ්ඩලයෙත් සහයෝගය ඇතිව අපි කැඳ පිළියෙ කරගත්තා.ඊට පස්සෙ අපි  කැඳ රෝහල් ගතව සිටින සෑම රෝගියෙකුටම ලබාදුන්නා.
මේ ව්‍යාපෘතිය සංවිධානය කිරිමේදී "හෙලයේ ජාතික සංවිධානයවිශේෂ සහයෝගයක් අපිට ලබාදුන්නා.ඊටත් අමතරව අපි මේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරේ තවත් ලියෝ සමාජ දෙකක සමග එකමුතුවෙන්.පොල්ගස්ඕවිට ලියෝ සමාජය සහ ඉන්ගිරිය යුනයිටඩ් ලියෝ සමාජය මේ මහන්ගු පින්කමේ දි අපිත් සමග අත්වැල් බැඳගත්තා.
මේ ව්‍යාපෘතිය සදහා ලියෝ සාමාජිකයින් 40ක් පමණ සහභාගි වුනා.රෝහලේ සිටි 1000 ක් පමණ රෝගින්ට ඖෂධීය කැඳ බෙදා දිම සාර්ථකව අපිට සිදුකරන්න හැකියාව ලැබුනා.ඉතින් මේ අකාරයට මේ මහඟු පින්කම නිමකිරිමෙන් ලැබුනු සතුටත් එක්කම අපි සියලු දෙනා එම ස්ථානයෙන් පිටත්වෙලා පැමිණියේ තවත් දවසක ඔවුන්ව හමුවන බලාපොරොත්තුවෙන්.







No comments: