දස වසරකට පෙර....



හරියටම දවස මතක නැති උනත් එතන හිටපු පිරිසනම් ටිකක් විතර මතකයි. මම, තරංග, නදුන් අයියා, චතුර අයියා, මාධව, පැණි කසුන් වගේ කිහිප දෙනෙක්. සජිනි අක්ක එහෙමත් හිටියද මන්දා. ප්‍රධාන කතාබහ උනේ අපි මෙහෙම කැම්පස් ඉදල හරියන්නෙ නෑ මොකක් හරි කරන්න ඕන කියන එක. 

චතුර අයියා ඇතුලු කිහිප දෙනෙක් මීට කලින් අක්මීමන ලියෝ සමාජයේ කටයතු කරල තිබිච්ච නිසා හැමෝගෙම අදහස උනේ විශ්ව විද්‍යාලය තුල ලියෝ සමාජයක් පටන් ගත්තනම් හොදයි කියන එක. ඒ සිංහ දිස්ත්‍රික්ක 306A තුල පලමු විශ්ව විද්‍යාලයීය ලියෝ සමාජය වශයෙන්.

කැම්පස් එක ඇතුලෙ අලුතින් සංගමයක් පටන් ගන්නව කියන එක ලෙහෙසි පහසු වැඩක් එහෙම නෙමෙයි. සෙනට් එකෙන් අවසර ගන්න ඕන. ජ්‍යේෂ්ඨ ආචාර්යය වරු දෙදෙනෙකුගෙන් සහයෝගය ලබාගන්න ඕන අනුශාසක සහ භාණ්ඩාගාරික වශයෙන්. තව තව නීති ගොඩයි. ඊට අමතරව ලියෝ සමාජයක් සදහා සිංහ සමාජයක් විසින් අනුග්‍රාහකත්වයත් දැක්විය යුතුයි. අනේ මන්ද මේ වැඩටික නදුන් අයියල කොහොම කරගත්තද කියල. අපිනම් කලේ ලගින් ඉදල පුලුවන් සහයෝගයක් දෙන එක විතරයි. 

කොහොමින් කොහොම හරි සියලු අවසර හම්බ උනා. සමන් සර් සහ කිත්සිරි සර් තනතුරු බාරගන්න කැමති උනා. දෙහිවල උතුර සිංහ සමාජය අනුග්‍රාහකත්වය දැක්වුවා. 2003 ජුලි මාසෙ දවසක අපි 37දෙනෙක් මොරටුව Lions Activity Center එකේදි ලියෝවරුන් වසයෙන් දිව්රුම් දීල මොරටුව විශ්ව විද්‍යාලයීය ලියෝ සමාජය පටන් ගත්ත.

 පදක්කම් පලදවමින්...

 ශියාන අක්කා පහන පත්තු කරමින්. සිංහ රවි, නදුන් අය්යා, සුපුන් අය්යා, සජීව අය්යා එහෙමත් ඉන්නව.

 සිංහ සීකර ටයි පටිය පැලදගෙන. කෝට් එකෙන් සැරසී ඉන්නෙ ලියෝ ශෙහාන්.

 චතුර, නයන, නදුන්, සුපුන් සහ සදකිත්...


 නදුන් අය්යා පහන් පත්තු කරමින්. කෝට් එකකින් සැරසී ඉන්නෙ සිංහ ලෙස්ටර් අපෝන්සු. නදුන්ට පිටිපසින් සිංහ ටෙඩ්.


 ආරම්භක නිලදාරි මන්ඩලය දිවුරුම් දෙමින්. සභාපති නදුන්, ලේකම් සජිනි, උප සභාපති මම (විදුල ), උප භාණ්ඩාගාරික මහෙෂ් එවකට සිංහාධිපතිනිය මාසෙලා සිල්වා මැතිනිය ඉදිරිපිට.

මෙහිදී මතක් කලයුතු පිරිස විශාලයි. සිංහයන් උනු ලෙස්ටර් අපෝන්සු, අමලීන්, සෙකර්, ටෙඩ් යටගම, දුමින්ද අය්යා, රවි රාජපතිරන (අපගේ මුල්ම Leo Adviser) වගේම ලියෝ වරුන් වෙච්ච ශියානා අක්ක, ශෙහන් අය්යා, දශාන්ති අක්කා වගේ අයත් අමතක කරන්නම බෑ.

කොහොමින් කොහොම හරි ඔන්න ඔහොම තමයි අපි ලියෝවරුන් උනේ.



පසුගිය දිනෙක දෙහිවල උතුර සිංහ සමාජයේ මාසික රැස්වීමකදි අපගේ ලියෝ සමාජයේ දස වර්ශ පදක්කම් සිංහ ජාත්‍යන්තරයේන් ලැබී ඇතිබව ප්‍රකාශ උනා. ඉතින් ලියෝ ආරම්භක සාමාජිකයො වෙච්ච මමත් නදුන් අයියත් කතාවුනේ "අවුරුදු දහයකුත් ගිහින් නේද" කියල. ඇත්තටම අවුරුදු 10ක්.....

1 comment:

Anonymous said...

Great post Vidula (As always). Good memories and hope everybody is doing good. All the best for the new and old club members to take to the next level.

Lahiru Sandakith Gallege