"හෙට ලොවට විදු දැනුම" - නොනිමි මෙහෙවර අඛණ්ඩව......................

මෙවර අ.පො.ස(සා.පෙ) සඳහා පෙනී සිටින සහෝදර සහෝදරියන් ඉලක්ක කරගෙන මොර‍ටුව විශ්ව විද්්‍යාලීය ලියෝ සමාජය විසින් සංවිධානය කල සම්මන්ත්‍රණ මාලාවේ තවත් සම්මන්ත්‍රණයක් මෙම සතියේදීද සුපුරුදු පරිදි පවත්වන ලදි. පසුගිය නොවැම්බර් මස ආරම්භ කොට අඛණ්ඩව පවත්වාගෙන ආ මෙම සම්මන්ත්‍රණ මාලාවේ 10 වැනි සම්මන්ත්‍රණය අද දිනයේදී ලියෝ දමිත්, ලියෝ නුවන් හා ලියෝ රුක්ශාන් ගේ ප්‍රධානත්වයෙන් සාර්ථකව පවත්වන ලදි.

වාර්ෂිකව පවත්වගෙන ආ සම්මන්ත්‍රණ වැඩසටහන මෙවර පැවැත්වීම සඳහා දැඩි මානව සම්පත් හිඟයක් පවතින ක‍ටුබැදද බෝධිරාජ විද්්‍යාලය ‍තෝරා ගන්නා ලදි. ගුරු හිඟය නිසාම 10 හා 11 ශ්‍රේණි වලදී කිසිදු දැනුමක් ලබාගත නොහැකි වූ 'තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය' විෂය සඳහා ගුරු හරුකම් ලබාදීමට අප ලියෝවරුන් තීරණය කරන ලදි. ඔවුන් කෙදිනකදී හෝ මෙම විෂය අධ්‍යයනය කර නොමැති බැවින් එක් දින සම්මන්ත්‍රණයක් පවත්වනවාට වඩා සම්මන්ත්‍රණ මාලාවක් පැවැත්වීම යෝග්‍ය බව විදුහල්පතිතුමාගේ මතය විය. ඒ අනුව සතියකකට එක බැගින් වූ සම්මන්ත්‍රණ මාලාවක් පැවැත්වීමට අප ලියෝවරුන් තීරණය කරන ලදි.

මෙවර අ.පො.ස(සා.පෙ) සඳහා පෙනී සිටින සහෝදර සහෝදරියන් මෙම සම්මන්ත්‍රණ මාලාවේ උපරිම ඵල නෙලා ගනු ඇතැයි අපි අපේක්ෂා කරමු.

No comments: